කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ද පොලීසිය අද සිට ආරම්භ කර තිබෙනවා.
0112 444 480 / 0112 444 481 / 0115 978 730 / 0115 978 734 / 0115 978 720 එහි දුරකථන අංකයි.
නව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු පරික්ෂා කිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. 0718 591 864 / 0112 435 271 එහි දුරකථන අංකයි.
ප්‍රවර්තන පහසුකම් සැපයීම සඳහා ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පත්කර ඇති අතර 0718 591 989 සහ 0112 473 402 එම අංශයේ දුරකථන අංකයි.
කොරෝනා මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ද පිහිටුවා ඇති අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය ශීතා අරඹේපොළ මහත්මිය එහි සභාපතිවරිය ලෙස කටයුතු කරනවා. 0718 591 870 සහ 0112 368 676 එම බලකායේ පොලිස් නිලධාරියාගේ දුරකථන අංකයි.