කොරෝනා වෛරසය දිවයින පුරා පැතිර යාම වැළැක්වීමට ගත යුතු පූර්වාරක්ෂක පියවර මාලාවක් රජය ගෙන තිබෙනවා. ලොව බොහෝ රටවල් කල්ගත වී ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජය ඉතා ඉක්මණින් ගැනීම නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම විශාල වශයෙන් පාලනය කර ගැනීමට හැකි වුණා.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සති 2 ක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
මේ අතර මහා බ්‍රිතාන්‍ය , නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. සති 2 ක කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ගය බලපැවැත්වෙනු ඇති. එම රටවලින් පැමිණෙන කිසිඳු ගුවන් මගියෙකු තම ගුවන් සේවාවලට ඇතුළත් කර නොගන්නා ලෙස මෙරටට පැමිණෙන සියලුම ගුවන් සේවා සමාගම්වලට ද දැනුම් දී තිබෙනවා.
කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් වෛද්‍ය පරික්ෂණ සිදු කිරීමට රජයේ රෝහල් 15 ක් නම්කර තිබෙනවා. ඒ අංගොඩ ජාතික බෝවන රෝග පිළිබඳ රෝහල , කොළඹ ජාතික රෝහල , මහනුවර මහ රෝහල , රිජ්වේ ආර්යා ළමා රෝහල , ද සොයිසා කාන්තා රෝහල , රාගම , කරාපිටිය , යාපනය , මඩකලපුව , රත්නපුරය හා අනුරාධපුරය යන ශික්ෂණ රෝහල් මෙන්ම කුරුණෑගල , බදුල්ල , ගම්පහ සහ නුවර යන මහ රෝහල්. කොරෝනා පරික්ෂා සඳහා පෞද්ගලික රෝහල්වලට ද අවශ්‍ය අනුමැතිය ලබා දීමේ නියාමන වැඩපිළිවෙළක් පිළිබඳ මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලු ප්‍රසිද්ධ රැස්වීම් හා උත්සව ආදිය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණෙන් හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. රාජ්‍ය අංශයට අමතරව බැංකු සහ වෙළද නිවාඩු දිනයක් ලෙස ද හෙට දිනය පත්කර තිබෙනවා.
ඉතාලිය ,දකුණු කොරියාව , ඉරානය ඇතුළු කොරෝනා වෛරසය සීඝ්‍ර යෙන් පැතිරයන රටවල් 11 තානාපති කාර්යාල සහ කොන්සියුලර් සේවා හෙට සිට නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙනවා. දේවස්ථානවල පැවැත්වෙන ඉරුදින හා අනෙකුත් දිව්‍ය පූජා මේ මස අවසානය තෙක් අත්හිටුවන ලෙසයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී ඇත්තේ. සිකුරාදා පල්ලි යාම ඇතුලු සාමූහිකව සිදු කරන ඉස්ලාමීය ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
සියලුම සත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන සහ ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඉදිරි සති දෙක තුළ වන්දනා ගමන් , සංචාර හා විනෝද චාරිකාවල නිරත වීමෙන් වළකින ලෙස බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
දිවයිනේ සෑම දුම්රිය ස්ථානයක මෙන්ම බස් නැවතුම්පොලවල දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුළුල් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට කොළඹ , කොටුව දුම්රිය ස්ථානයේ සහ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්නැවතුම්පොලේ සහ ලංගම බස් නැවතුම්පොලේ දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සියලුම් දුම්රිය සහ බස්රථ ජීවානුහරණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මාර්තු මස 1 වනදා සිට 9 වනදා තෙක් පැමිණි පුද්ගලයනුයි මෙලෙස සොයා ගැනීමට පියවර ගෙන ඇත්තේ. මේ අතර දණ්ඩනීති සංග්‍රහය අනුව කොරෝනා නිරෝධායනයට පිටුපාන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිසිය නිවේදනය කරනවා.
රටේ පවතින අවදානම් තත්ත්වය නොසලකා හරිමින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් වහළ මත නැගී උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා. කෙරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රැඳවූවන් බැලීමට දෙන අවස්ථා සීමා කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇත්තේ. මෙවැනි ජාතික ආපදා තත්ත්වයකදී රැඳවූවන් වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි ජනතාව පවසන්නේ.
නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් කිසිඳු අඩුවකින් තොරව සැපයීමට යුද හමුදාව පසුගිය කාලයේදී කටයුතු කළා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කළා.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැනි ව්‍යසනයක් හමුවේ රට වැසියන් එකමුතුව වගකීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියාකිරීම වැදගත් බවයි. දේශපාලන නායකත්වය පටු අරමුණුවලින් තොරව නිවැරදි තීන්දු ගැනීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කළා. නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට හා සමාජ , ආර්ථික ගැටලු අවම කිරීමට පරිපූර්ණ සැලැස්මක් අවශ්‍ය වන බවයි. එබැවින් සියලු දේශපාලන පක්ෂ නායකයන් හා අධිකාරීන් කැඳවා අදහස් සාකච්ඡාවට ගැනීමේ වැදගත්කම වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.
මේ වන තෙක් දිවයිනෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10 ක්. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියෙන් පසු තවමත් අලුතින් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වුණේ නැහැ. සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් සහ මීට පෙර තහවුරුකරගත් රෝගියෙකුගේ ඥාතියෙකුයි 9 වන සහ 10 ආසාදියන් ලෙස ඊයේ හඳුනා ගැනුණේ.