ගිරුවාපත්තුවේ සහ මාතර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් පූජ්‍ය තමාඩුවේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
දෙද්දුවාවල ශ්‍රී පත්තාරාම විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පූජ්‍ය තමාඩුවේ සරණතිස්ස ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. අක්ත පත්‍ර ප්‍රධානය කිරිමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා එක්වුනේ ඉන් අනතුරුවයි. බෙලිඅත්ත, පුවක්දන්ඩාව පංචථූපාරාම විහාරස්ථානය වෙතට ද පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදි පූජ්‍ය යටිගල මංගල ස්වාමින් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. රැස්ව සිටි ජනතාවගේ සුවදුක් විමසීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.