ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දූෂණ චෝදනා නඩු විභාගය කල් ගොස් තිබෙනවා. ඒ කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟයි.
ඊශ්‍රායලයේ අධිකරණ අමාත්‍යාංශය නිවේදය කළේ අදාළ නඩු විභාග කටයුතු මාස 2 කින් කල් දැමූ බවයි. නඩු විභාගය මේ මස 17 වනදා පැවැත්වීමට කළින් සැලසුම් කර තිබුණා. අදාළ අධි චෝදනා පත්‍ර මේ වන විටත් භාර දී ඇති අතර තමා කිසිඳු චෝදනාවකට වැරදිකරු නොවන බවයි ඔහු සඳහන් කර සිටියේ. ධන කුවේරයන්ගෙන් ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ හැටහතර දහසකට අධික වටිනාකමින් යුතු ත්‍යාග භාර ගැනීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරුණා. ත්‍යාග අතර අධික වටිනාකමින් යුත් සුරුට්ටු ද තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 70 හැවිරිදි වියේ පසුවන බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ වැඩිම කාලයක් පාලනය කළ පුද්ගලයායි.