fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා බ්‍රිතාන්‍යයේ ගුවන් සේවා අංශය අර්බුදයකට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 13:25

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග මහා බ්‍රිතාන්‍යයේ ගුවන් සේවා අංශය අර්බුදයකට කොරෝනා වෛරසය පැතිරයාමත් සමග මහා බ්‍රිතාන්‍යයේ ගුවන් සේවා අංශය අර්බුදයකට පා සිටිනවා.

රජයෙන් අරමුදල් සම්පාදනය කිරීමක් සිදු නොවුනහොත් ගුවන්සේවා කටයුතු පවත්වාගෙන යාම ගැටලුවක් වන බවයි එරට බලධාරීන් පවසන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය යෙන් හා අයර්ලන්ත ජනරජයෙන් එරටට සංචාරය කිරීම තහනම් කිරීමත් සමග තත්ත්වය උග්‍ර අතට හැරුණා. ඇමෙරිකා තහනම මගින් බ්‍රිටිෂ් එයාර් වේස්, වර්ජින් ඇත්ලාන්ටික් සහ නෝර්වේජියන් එයාර් ගුවන්සේවාවල ගුවන් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ලවනවා. සාර්ස් වෛරසය පැතිර ගිය අවස්ථාවේදී සහ සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ලවූ අවස්ථාවට වඩා දරුණු තත්ත්වයක් මෙවර ඇතිවී තිබෙන  බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්