ඌව පරණගම බොබුරුඇල්ල වැලිබිස්ස ප්රදේශයේ රජයේ කඳු පන්තියක ඇතිවූ ගින්නකින් අක්කර 10 භූමි ප්රදේශයක් විනාශ වී තිබෙනවා.
මානා ශාක ඇතුළු යටි වගාවන් රැසක් මෙම ගින්නෙන් විනාශයට ලක්වු බවයි වාර්තා වන්නේ. ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගත්ත ද පවතින අධික වියළි කාලගුණය සමඟ එය දුෂ්කර වුණා. කිසියම් පුද්ගලයෙකු සතුන් දඩයම් කිරීම සඳහා එම ප්රදේශයට ගිනි තබන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.