fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ අගමැති බිරිඳටත් කොරෝනා

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 08:47

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්ෂෙස්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවතින බවයි. මේ වන විට ස්පාඤ්ඤයේ ඇතැම් නගර දින 15 ක කාලයක් නිරෝධායනයට ලක්කර තිබෙනවා. රජය විශේෂ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළා. ආහාර පාන හා  ඖෂධ මිලදී ගැනීම රාජකාරී කටයුතු  හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු හැර සෙසු කටයුතුවලින් වැළකී සියලු ස්පාඤ්ඤ ජාතිකයන් නිවෙස්වලට වී සිටිය යුතු බවට ද රජය නියෝග කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්