fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ගුවන් ප්‍රහාරයෙන් ඇමෙරිකා ඉරාක යුද උණුසුම උග්‍ර වේ

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 17:49

ඇමෙරිකාව ඉරාකයේ සිටින ඉරාන හිතවාදී කණ්ඩායමක් වෙත ගුවන් ප්‍රහාර එල්ලකිරීමත් සමග ඇමෙරිකාව සහ ඉරාකය අතර උණුසුම් තත්තවයක් හට ගෙන තිබෙනවා.

ඉරාකයේ තිබෙන ආයුධ ගබඩා පහක් ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ලකළ බවයි ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. පසුගිය බදාදා ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් ඉරාකයේ සිටින හමුදා සෙබලුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළා. ඉන් ඇමෙරිකානු හමුදා භටයින් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වෙතත් අද ඇමෙරිකාව එල්ලකළ ගුවන් ප්‍රහාරයෙන් ඉරාක සෙබලුන් තුන්දෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම සිවිල් වැසියෙකු ද මිය ගිය බවයි ඉරාක හමුදාව පවසන්නේ.

සිය ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදාව  එල්ල කළ ගුවන් ප්‍රහාර ඉරාකය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. මෙය තම රටේ සෛවරීභාවය උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්