fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 16:55

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වුණා.

අනුරාධපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී වෛද්‍ය නන්දන පුෂ්පකුමාර මහතා ඇතුලු එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිස මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වුණේ අනුරාධපුර සම්බන්ධීකරණ කාර්යාලයේදීයි.

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා හමුවේ ඔවුන් කියාසිටියේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වත්මන් වැඩපිළිවෙළ කෙරෙහි ඇති වූ කළකිරීම මත මෙසේ පක්‍ෂයෙන් ඉවත් වූ බවයි.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්