කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හිගයකින් තොරව ඖෂධ, ආරක්ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ තොග තබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා හදිසි මිලදී ගැනීම්වලට අවසර ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.
කොරෝනා වෛරස් රෝගය වැළැක්වීම, පාලනය හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය යෙදවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ඖෂධ ඇතුලු උපකරණ මිලදි ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටයි එහිදී තීරණය කෙරුණේ.
හදිසි මිලදි ගැනීම් සඳහා අවශ්‍ය අවසරය ද ලබා දුන්නා.
ඒ අනුව ඉදිරි දින 2 ක තුළ එම මිලදී ගැනීම් සිදුකර ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/pawithra.jpg”]