ස්වාධීන කණ්ඩායම් 150 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
වැඩිම ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ වන්නි දිස්ති‍්‍රක්කය සඳහා. එම දිස්ති‍්‍රක්කයට කණ්ඩායම් 18 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
යාපනය, මඩකලපුව, දිගාමඩුල්ල, ති‍්‍රකුණාමලය, බදුල්ල සහ කොළඹ දිස්ති‍්‍රක්ක වලට ද ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළා. දැනට ඇප මුදල් තැන්පත් කළ ස්වාධීන කණ්ඩායම් අවමය වාර්තා වන්නේ රත්නපුර, කුරුණෑගල සහ මාතර දිස්ති‍්‍රක් වලින්.
මේ වනවිට දේශපාලන පක්ෂ 8 ක් නාම යෝජනා ලබාදී තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් 8 ක් ද නාම යෝජනා භාරදී ඇති බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.