සුරකිමු ලංකා වැනි පොලිස් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වූවා නම් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළකා ගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ දිසාවේ පොලිස් ආරක්ෂක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
කොළඹ දිසාවේ ග්‍රාම නිලධාරී වසම් 59 ක් ආවරණය වන පරිදි සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. එහි සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබා දීම සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කමිටු සාමාජිකයන් පන්දහසක් මීට එක්ව සිටි අතර ඔවුන් අදාළ රාජකාරි නොපිරිහෙලා ඉටු කිරීමට මෙහිදී ප්‍රතිඥා ලබා දුන්නා.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ttqi8QRnxfg”]