ශ්රී ලංකාවේ සංචාරය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කොරෝනා ආසාදිත බවට
සැකපිට විශේෂ ගිලන් රථ මගින් කොළඹ IDH වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන 9.00 ට පමණ පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.
මොවුන් අද (14) උදෑසන 9.00 ට එරොෆ්ලොට් ගුවන් සේවයේ ඕ.එල්.- 048 දරන ගුවන් යානයෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට සුදානම්ව සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/IDH-1.jpg”]