fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යාවශ්‍ය ආහාර වැඩි මිලට අළෙවි කරන්නන් සොයා රටපුරා වැටලීම්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 10:36

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප‍්‍රකාශ කළා.

ඇතැම් වෙළෙදුන් භාණ්ඩ සඟවන බවට ද තොරතුරු වාර්තාවී තිබෙනවා. එම වෙළෙද සැල් වැටලීම සඳහා ද විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පෙන්වාදුනනේ.

මේ අතර වැඩි මිලට භාණ්ඩ අළෙවි කළ ව්‍යාපාරිකයින් හත් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන සැඟවීමට උත්සාහ කළ හොත් ඉන්ධන අළෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. කිසියම් පිරිසක් කෘති‍්‍රම ඉන්ධන හිඟයක් මවාපෑමට කටයුතු කරමින් සිටින බවයි හෙලිවුණේ.

දිවයිනේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo