දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Related Articles
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එම මාර්ගයේ බද්දේගොඩ ප්‍රදේශයේ දී අද (14) අලුයම වෑන් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. වෑන් රථයේ ගමන් කළ නව දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බව ගැලනිගම රථවාහන පොලීසිය ප්‍රකාශ කළා.
කහතුඩුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් අකුරැස්ස ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටි අවස්ථාවේයි අනතුර සිදුව තිබෙන්නේ. ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.