දකුණු අපි‍්‍රකා – ඉන්දීය එක්දින තරඟාවලිය කල්දමයි
Related Articles
දකුණු අපි‍්‍රකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තිබූ එක්දින තරඟාවලිය කල්දමා තිබෙනවා.
මීටපෙර ප්‍රේක්ෂකයින් නොමැතිව තරඟය පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තරඟාවලිය කල්දැමීමට කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා.
නැවත තරඟ පවත්වන දින සංශෝධිත කාලසටහනක් මගින් ඉදිරිපත් කරන බවයි ඉන්දියානු සහ අපි‍්‍රකා කි‍්‍රකට් ආයතන ප්‍රකාශ කළේ.
අයි පී එල් තරඟාවලිය ද අප්‍රේල් 15 වනදා දක්වා කල්දමා තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය ද අත්හිටුවීමටයි පියවර ගැණුනේ.