fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ස්ථාන හතරක් – පෞද්ගලික අංශයට අවසර නැහැ

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 18:48

හපුද්ගලික රෝහල්වලට කොරෝනා වෙෙරසය (COVID19) සඳහා පරීක්ෂා කිරීමට අවසර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පෞද්ගලික අංශයට මෙම පරීක්ෂණය ලබාදෙන්නේනම් ඉතාම පාලන ක්‍රමයකට බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේ. “පරීක්ෂා කරන්න ඔනෙ පරීක්ෂණය කළ යුතු අයගේ පමණයි. ඒහෙම නැත්නම් මේක වෙළදාමක් බවට පත්වෙනවා” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියා.

කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් වෙෙද්‍ය පර්යේෂණ අායතනයෙන් පෙර සිදුවූ අතර දැන් කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල , අනුරාධපුර ශික්ෂණ රෝහල යන රෝහල් 3 ට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන ස්ථාන වලදී පරීක්ෂාකිරීමට පහසුකම් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්