හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ ඔහු ඇතුළු 7 දෙනෙකුට අද (13) පස්වරු 4 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය කළ නියෝගයට අනුවයි.
අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි රවී කරුණානායක මහතා ඇතුලු 7 දෙනෙකු ඊට එරෙහිව ගොනුකළ රීට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද (13) යළි සලකා බැලීම සිදු කළා. එහිදී අභියාචනාධිකරණය නියෝග කළේ ඔවුන් පස්වරු 4 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි. ඒ අනුවයි රවී කරුණානායක මහතා ඇතුලු පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, රන්ජන් හුලුගල්ල, අජාන් ගාර්දිය පුංචිහේවා, මහ බැංකුවේ ඉහළ නිලධාරියෙකු වන එස් පදුමනාපන්, සේවක අර්ථ සාධක අරමුදලේ නිලධාරියෙකු වන ඉන්දික සමන්කුමාර සෙසු පිරිසයි.
අභියාචනාධිකරණයේ නියෝගය පරිදි ඔවුන්ගේ පැමිණීම සටහන් කරගත් බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළා.
අභියාචනාධිකරණය කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසට තමන්ට දැනුම් දී ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ. අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uLTqRb0gk0o”]