කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 85 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
පළමු 52 වියේ පසුවන රෝගියා සමඟ පුද්ගලයින් 60 දෙනෙකු පමණ සබඳතා පවත්වා ඇති අතර , දෙවන 44 වියේ පසුවන පුද්ගලයා සමග 25 දෙනෙකු පමණ සම්බන්ධකම් පවත්වා ඇති බව ඒ මහතා සඳහන් කරයි.
සංචාරක මඟපෙන්වන්නන් මෙම කොරෝනා ක්‍රියාකාරී ආසාදිත රෝගීන් දෙදෙනා මේවන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙම රෝගීන් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 13 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර පරීක්ෂා කිරීම සදහා යොමුකර ඇති බව වාර්තා වනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=qWZFPOq-OJA&feature=youtu.be&fbclid=IwAR2iQyJl48CUJb0i27QKNuR8WNLayTwEJnrM0LpBAti-8pmyM-79z37Q2f8″]