fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – ආහාරවලත් තෙල්වලත් හිගයක් නැහැ

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 17:18

රට තුළ ආහාර හා ඉන්ධන හිගයක් නැති බව රජය අවධාරණය කරනවා. කටකතාවලට රැවටී අනවශ්‍ය ලෙස ආහාර හා ඉන්ධන එක්රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් රජය ජනතාවට දැනුම් දෙනවා.

එවැනි අවශ්‍යතාවක් ඇතිවුවහොත් ඒ පිළිබද ජනතාවට කල්වේලා ඇතිව දැනුම්දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළදුනු ශ්‍රී ලාංකිකයෙකු මෙරටදී හමුවීමත් සමග ඇතැමුන් අනියත බියක් ඇතිකරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සදහා සුපිරි වෙළෙදසැල් සහ කඩසාප්පු ආශ්‍රිතව ඊයේ දිනයේ දී දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ වනවිට එම තත්ත්වය සාමාන්‍ය අතට හැරී තිබෙනවා.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය රටපුරා වෙළෙදසැල් හදිසි පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කළා. ඒ පවත්නා තත්ත්වය හමුවේ ඇතැම් කූඨ වෙළෙදුන් අධික මිලගනන් වලට භාණ්ඩ අලෙවි කරන බවට තොරතුරු ලැබීම හේතුවෙනුයි.  වැඩිමිලට භාණ්ඩ අලෙවිකරමින් භාණ්ඩ හිගයක් ඇති බවට ප්‍රචාර යවමින් සිටින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ද ඊයේ (12) දිනයේදී දිගු පෝලිම් දක්නට ලැබුණා. ඉන්ධන හිගයක් ඇති බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද රජය ජනතාවට දැනුම් දෙනවා.

ඉන්ධන සගවා තබාගනිමින් හිගයක් මවාපෑමට උත්සාහ කරන සියලු දෙනාගේ ඉන්ධන බලපත් අහෝසි කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අත්‍යවශ්‍ය කටයුත්තක් හැර වෙනත් කටයුතු සදහා සිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට විදේශගතවීම තාවකාලිකව අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්