ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටර්න්ට ද කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වන විට ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්. ඔහු මීට සතියකට පෙර ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ රැස්වීමකට සහභාගී වී තිබෙන බවද විදෙස් වාර්තා සදහන් කරනවා.
උදෑසන අවධිවීමෙන් පසු උණ සහ උගුරේ වේදනාව පැවතීම හේතුවෙන් තමන් රෝහලට ඇතුළත් වූ බවයි පිටර් ඩටන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
ඕස්ට්‍රේලියාවේ මේ වන විට වෛරසය ආසාදනය වූවන් 184 දෙනෙකු හමුවී තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/Peter-Dutton.jpg”]