fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL කි‍්‍රකට් තරඟාවලිය කල් යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 16:08

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි 13 වන තරඟාවලිය අප්‍රේල් 15 දක්වා කල්දමා තිබෙනවා. තරගාවලිය මාර්තු 29 වන දින ආරම්භ වීමට නියමිතව තිබුණත් කොරෝනා වෛරස් තර්ජනය හමුවේ මෙම තීරණය ගත් බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරන්නේ.

කොරෝනා වෛරස් තර්ජනය හමුවේ දිල්ලි රජය තරඟාවලිය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා. මීට පෙර මහාරාෂ්ට්‍ර රජය පවසා තිබුණේ මුම්බායි හි ප්‍රේක්ෂකයින් නොමැතිව තරඟ පැවැත්වීමට ඉඩ ලබා දෙන බවයි.

කොරෝනා වෛරස් (COVID-19) ව්‍යාප්තියට එරෙහිව පූර්වාරක්ෂාව වෙනුවෙන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එහි සියලුම පාර්ශවකරුවන් හා පොදුවේ මහජන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අතර රසිකයන් ඇතුළු අයි.පී.එල්. සම්බන්ධ සියලු පුද්ගලයින්ට ආරක්ෂිත ක්‍රිකට් අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී.

අපේ‍්‍රල් 15 වනදා දක්වා නිල අවශ්‍යතා කිහිපයක් හැරුණු විට අනෙක් ඉන්දීය රජය සියළුම වීසා බලපත්‍ර අවලංගු කර තිබෙනවා.

එම තීරණය ගත් වහාම තරඟාවලියේ සිටින සියලුම විදේශීය ක්‍රීඩකයින්ට අපේ‍්‍රල් 15 වන තෙක් සම්බන්ධ වීමට නොහැකි බව දන්වා තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එහි මීළඟ පියවර සැලසුම් කරමින් සිටිනවා.

වෙනස් කළ ආකෘතියක් සහිත කෙටි තරඟාවලියක් පිළිබඳ අදහස්ද යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 16:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්