නිරෝධායනය ප්ර්රතික්ෂේප කරන කොරෝනා ආසාධිතයින්ට වසර 21ක සිර දඩුවමක් පැනවීමට ඉතාලිය තීරණය කර තිබෙනවා.
යම් ආසාධිතයෙකු නිරෝදායන නොවී ජනතාව අතර ගැවසෙමින් වෙනත් අයෙකුට වයිරසය ආසාධනය කර ඇති බව හෙලි වුනොත් ඔහුට හෝ ඇයට එරෙහිව පුද්ගල ඝාතනයකට අදාලව චෝදනා ගොනු කරන බවයි ඉතාලිය පවසන්නේ.
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වසන්ගත තත්වයක් බවට ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කළා. චීනයෙන් පිටත කොරෝනා වයිරස් ආසාධිතයින් සංඛ්‍යාව දහතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කලේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/itali-2.jpg”]