මාර්ග අනතුරුවලින් ආරක්ෂාවීම පිලිබදව ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කර ඇති විශ්රාමික ප්රවීණයින්ගේ පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ඉදිරි තරග ප්රේක්ෂකයින්ගේ සහභාගිත්වය නොමැතිව පැවැත්විමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
කෝවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වෙන තරගයේ සිට ප්රේක්ෂකයින්ට ක්රිඩාංගනයට පැමිණ තරග නැරඹිමේ අවස්ථාව අහිමි වනු ඇති. මේ වන විටත් ප්රවේශ පත්ර මිලදී ගෙන ඇති ප්රේක්ෂකයින්ට ඊට අදාළ මුදල් නැවත ගෙවන බව ද තරග සංවිධායකයින් වැඩිදුරත් පවසා සිටියා.