fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 10:23

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වුණා.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හමුවී තිබෙනවා.

මේ අතර නේපාල රජය එවරස්ට් කන්ද තරණය කිරීම නතරකර තිබෙනවා.

මෙම මස 14 වනදා සිට අප්‍රේල් 30 දක්වා සියලු කදුනැගීමේ බලපත්‍ර අවලංගු කරන බවයි නේපාල රජය නිවේදනය කළේ.

සෑම වසරකම එවරස්ට් කදු නැගීමේ බලපත්‍ර නිකුත් කිරීමෙන් නේපාලය ඩොලර් මිලියන 4 ක් උපයනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්