fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩා අගමැතිගේ බිරිඳටත් කොරෝනා ආසාදනය වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 10:11

කැනඩා අගමැතිගේ බිරිඳටත් කොරෝනා ආසාදනය වෙයි

කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝගේ බිරිදට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවද කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඔහු සුවයෙන් සිටින බවත් එරට වාර්තා සදහන් කරනවා.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4979 ක්. 134,702 ට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉතාලියේ කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවා ගොසින්. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව පහළොස්දහසකට අධික බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මේ වනවිට වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1016 ක්. වෛසරය රටවල් 127 කට ව්‍යාප්ත වී තිබෙනවා.

ඉරානයෙන් ද නව කොරෝනා මරණ 75 ක් වාර්තා වනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්