fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගි මාර්ගයේදී බස්රථයක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 09:35

අද උදෑසන දක්ෂිණ අධිවේගි මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී බස්රථයක් ගිනිගැනිමට  ලක්වුණා. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගි බස් රථයකුයි මෙලෙස හදිසි ගිනි ගැනිමට ලක් වුණේ.

කහතුඩුව පොලිස් වසමට අයත් තුනයි දශම හය එල් කණුව අසලදී අනතුර සිදු වූණා.  පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවිමේ ඒකකය ගින්න මැඩ පැවැත්විමට කටයුතු කළා.

සිද්ධිය සම්බනධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මීට පෙරද දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ශ්‍රි ලංගම සුඛෝපභෝගි බස්රථයක් ගිනි ගැනීමට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් ද පරික්ෂණ පැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්