පළමු වාරයේ පාසල් නිවාඩුව හෙට සිට ඇරඹෙයි
Related Articles
රජයේ පළමු පාසල් වාරයේ නිවාඩුව හෙට (13) සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. ඒ අනුව පාසල් නිවාඩුව අප්‍රේල් මස 20 වනදා තෙක් ක්‍රියාත්මකයි.
මේ අතර පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, අමතර උපකාරක පංති ආදිය ද නතර කරන ලෙසයි රජය ඉල්ලා සිටින්නේ.
එසේම පාසල් ක්‍රිකට් තරග ආදිය නතර කරන ලෙසට ද ඉල්ලීම ක් කළා. අධ්‍යාපන චාරිකා තාවකාලිකව නතර කිරීමට ද මේ වන විටත් පියවර ගෙන අවසන්.