කාර්යක්ෂම දුම්රිය සේවාවක් ස්ථාපනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා. දුම්රිය සේවාවේ වර්ධනයට අවශ්‍ය පියවර සාකච්ඡා කිරීමේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන මගී සංඛ්‍යාව තුන් ලක්ෂ අසූපන්දහසක් පමණ වනවා. දුම්රිය සේවාව කාර්යක්ෂම සේවයක් කිරීම තුලින් මාර්ග තදබදයටද විසදුමක් ලබාදිය හැකි බවයි ජනාධිපතිතුමා සදහන් කළේ. දුම්රිය සේවාවේ ගැටළු විසදීමේදී සහ නව සැළසුම් ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීය සමිතිවල යෝජනා සහ අදහස් ලබා ගැනෙනවා.
මහජන අවශ්‍යතාව මත දෛනික කාලසටහන් සකස් කිරීම පිලිබදවද අවධානය යොමු වුණා. යල් පැන ගිය සංඥා පද්ධති දුම්රිය ප්‍රමාදයට හේතුව බවයි මෙම සාකච්ඡාවේදී හෙළි වුණේ. දේශීය ඉංජිනේරුවරුන්ගේ දායකත්වයෙන් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබා ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.
භාණ්ඩ ප්‍රවාහන සේවා සදහා දුම්රිය මාර්ග යොදා ගැනීම ජාතික ආර්ථිකයට වැදගත් බවටයි මෙහිදී අදහස් පල වුණේ.විදේශ සංචාරකයන් ඉලක්ක කරගනිම්න් දුම්රිය සේවාව නවීකරණය මෙන්ම ආකර්ෂනීය කිරීම පිලිබදවද සාකච්ඡා කෙරුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=f3N4ZKPmWEg&feature=youtu.be&fbclid=IwAR05HDV7oR5qYSZraojE5FtJ57ASNN65qlz7ec9LIrIYxeUH54vfSxNmJN4″]