ඉනෝටෙක් 2020 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එය ලබන 14 වනදා දක්වා පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ දීයි.
තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනය සංවිධානකර ඇත්තේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි. හෝමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දැවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය ලෙසින්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරන ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත්. පාසල් ආශ්රිත ප්‍රදර්ශනය මහින්ද රාජපක්ෂ ජාතික පාසල් පරිශ්‍රයේ පැවැත්වෙන අතර එන්එස්බීඑම් හරිත සරසවි පරිශ්‍රය තුළ තාක්ෂණික හා නවෝත්පාදන ප්‍රදර්ශන කුටි පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. ස්වාධීන රූපවාහිනීන මාධ්‍ය ජාලය ද හරිත සරසවි පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය කුටියක් ආරම්භකර තිබෙනවා. තිර පරීක්ෂණ, රූපවාහිනී සජීවී වැඩසටහන් අත්දැකීම්, දැනුම හා ක්‍රීඩා මෙන්ම ලක්හඩ හඩ පරීක්ෂණ ද ඇතුළු විශේෂාංග රැසකට සම්බන්ධවීමට මෙහිදී අවස්ථාව සළසා තිබෙනවා. පැවැත්වෙන තරගවලින් ජය ගන්නා පිරිස් සදහා දෝතපුරා තෑගි ලබාදීමටයි ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා ඇත්තේ. ප්‍රදර්ශනය අද පෙරවරුවේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z0a5GXubbz8″]