නීතිවිරෝධීව ප්රවාහනය කරමින් තිබූ වෙනිවැල් ශාක කොටස් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී. අගලවත්ත බස් නැවතුම්පොල ඉදිරිපිට සිදුකළ වැටලීමෙන් සොයාගත් වෙනිවැල් ශාක කොටස් තොගයේ බර කිලෝග්රෑම් 558 ක්.
ඒවා ප්රවාහනය කළ ජීප් රථය සහ එහි රියදුරුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.