පතල් කර්මාන්තයේ නිරත වූවන්ට මෙම වසරේ දී විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙන් දැනට උපයන ඇමෙරිකා ඩොලර් මිලියන 400 ක විදේශ විනිමය ඩොලර් බිලියනය දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මෙම ක්ෂේත්‍ර යෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණය කිරීම අපේක්ෂාව බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ගාමිණී වලේබොඩ මහතා පවසන්නේ. එම අධිකාරිය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන මැණික් පතල් හවුල්කරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.