ශ්‍රී ලංකාවේදී COVID – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී තිබෙනවා.
මීට දින දෙකකට පෙර උණ රෝගය වැළදීමෙන් IDH රෝහලට ඇතුළත් වූ මෙම රෝගියාට COVID – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා.
ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිටි මෙම පුද්ගලයා මැදිවියේ පසුවන්නෙක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. ඔහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ අයෙකු බවද මේ වනවිට හෙළිවී තිබෙනවා.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට COVID – 19 වෛරසය ආසාදනය වී ඇති බව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.