fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසිඳු හිරුෂාන් ජීවිතයත් මරණයත් අතර සටනක (VIDEO)

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 19:24

නොහික්මුණු කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වනවා.

මිනුවන්ගොඩ දෙවොලපොළ ප්‍රදේශයේ පදිංචි පසිඳු හිරුෂාන් දහසකුත් එකක් දුෂ්කරතා මැද අකුරුකර සරසවි වරම් ලබා ගැනීමට වාසනාවන්ත වුණා. ඔහු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට මාස 3 කට පෙර ඔහුගේ මව අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියා. තමන්ට අහිමි වූ ලොව පුතු රජ කරවන්නට පසිඳුගේ පියා අනේක දුක් වින්දා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලු වී නවකවධ සමය ද නිම කළ ඔහු එහි අවසන් සාදයට එක්වුණේ එතැන් සිට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවන සතුට ද ඇතිවයි. එහෙත් ගතවුණේ ටික වේලාවක් පමණයි. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පඩිපෙළක් මත සිට විශාල ප්‍රමාණයේ ටයරයක් පහළට තල්ලු කර දමා තිබෙනවා. පසිඳු එහි ඉලක්කයක් බවට පත්වුණා. මෙම අනතුරෙන් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා.

කොළඹ ජාතික රෝහලේ මේ වන විට පැය 7 ක සැත්කමකට මුහුණ දී සිටින පසිඳුගේ ජීවිතය ඇත්තේ ඔහුගේ වාසනාව හා වෛද්‍යවරුන්ගේ කැපවීම මතයි. මේ පිළිබඳ ශිෂ්‍ය සංවිධාන ද විවිධ මත දරනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද පසිඳුගේ සුව දුක් බැලීමට ක්‍රියා කළා. සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 19:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්