fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියගිය හා විදෙස් ගතවූ ඡන්දදායකයින්ගේ විස්තර මැතිවරණ කොමිසම ඉල්ලයි

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 15:55

මියගිය හෝ විදේශ ගතවී සිටින ඡන්ද දායකයින්ගේ තොරතුරු මාර්තු 14 වන දාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරියා වෙත ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම් සඳහන් වී ඇති මාර්තු 10 වැනි දින වනවිට විදේශගතව සිටින හා මියගොස් ඇති ඡන්ද දායකයින්ගේ නම් මෙසේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරියාට බාරදෙන ලෙස ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයේදී ඡන්දය අවභාවිත වීම වැළැක්වීම සඳහා බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  චන්න පී. ද සිල්වා මහතා පවසයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්