ශ්රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශ්රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති දෙවන අදියරේ තරගය ලකුණු 40ට 24ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම සමත් වුණා.
මහනුවර නිත්තවෙල ක්රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 19ක් ලබා සිටියා. එම අර්ධයේදී පොලිස් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 17ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී ආක්රමණශිලි තරග රටාවක නිරත වූ මහනුවර ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 40ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 06ක් සහ ප්රවර්තන 05ක් ඇතුලත්. ඒ වන විට පොලිස් රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 24ක් පමණයි.