fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අජිත් ප‍්‍රසන්න ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 14:54

විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමද ප‍්‍රතික්ෂේප වූුු බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. නඩුව අද (10) විභාගයට ගත්තේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා හමුවේ.

අධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන් ට බලපෑම් කිරීම සහ අධිකරණයට අපහස කිරීමයි ඔහුට එරෙහි චෝදනාව.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo