හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළව නීතිපතිවරයා ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් කරුණානායක මහතා අද පෙරවරුවේ රිට් පෙත්සමක් ගොණු කළා.ඒ අභියචානාධිකරණය හමුවේයි. නීතිපතිවරයා ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි රවී කරුණනායක මහතා මෙම රිට් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්,එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් දස දෙනා තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේ පසුගිය 06 වනදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපවරක්ම රවී කරුණනායක මහතාගේ නිවස වෙත ගියද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. වරෙන්තු නිකුත් කර දින කිහිපයක් ගත වුවද මේ වන විට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ එම දස දෙනාගෙන් එක් අයෙකු පමණයි. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරයකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැති ඔහු ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, චිත්‍ර රන්ජන්, හුලුගල්ල, අජාන් ගාර්දිය පුංචිහේවා, මහබැංකුවේ ඉහල නිලධාරයතකු වන සංගර පිල්ලේ පදුමනාදන්,අර්ථසාධක අරමුදලේ නිලධාරියකු වන ඉන්දික සමන්කුමාර යන අය මෙහි සෙසු වරෙන්තුකරුවන්.