ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 36ට 06ක් ලෙස ජය ගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලීය කණ්ඩායම සමත් වුණා.
කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජ රග්බිපිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට කොළඹ වෙස්ලි විද්‍යාලීය කණ්ඩායම ලකුණු 22ක් ලබා සිටියා. එම අර්ධයේදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට හැකි වුයේ නැහැ. තරගය දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී දැඩි ආක්‍රමණශීලී තරඟ රටාවක නිරත වූ කොළඹ වෙස්ලි විද්‍යාල කණ්ඩායම ලකුණු 36ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 05ක්, ප්‍රවර්තන 04ක් සහ දඬුවම්පහරක් ඇතුලත්. ඒ වන විට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ලබා සිටියේ ලකුණු 06ක් පමණයි.