fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් 77 දෙනා හෙට දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 16:52

ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් 77 දෙනා හෙට දක්වා රිමාන්ඩ්

පන්නිපිටිය ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනා හෙට දිනය තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පන්නිපිටිය අරලිය උයන පොදු ක්‍රීඩාංගනයේදීයී ෆේස්බුක් සාදයක් වටලා මොවුන් අත්අඩංගුවට ගැනුණේ. බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් පැවැත්වූ මෙම ෆේස්බුක් සාදය වටලනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුවයි.මහරගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් වටලීම සිදු කළා. සැකකරුවන් 60 දෙනෙකු සහ සැකකාරියන් 17 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 19 ත් 35 ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලීසිය පවසන්නේ. පොලීසිය මෙහිදී ඉල්ලා සිටියේ තම දරුවන් අනවශ්‍ය කටයුතුවලට යොමුවීම වැළැක්වීම සඳහා දෙමව්පියන්  නිසි අධීක්ෂණයෙන් කටයුතු කළ යුතු බවයි. මෙම සාදයට සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් 800 ක් ද යුවලකගෙන් රුපියල් 1000 ක් ද අය කර තිබෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුයි මෙම සාදය සංවිධාන කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්