ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්තවෙමින් පැවතීම හේතුවෙනුයි ඉන්ධන මිල අඩුවෙමින් පවතින්නේ. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් මෙම සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා පවසනවා.