අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ යුවලක් නව දිල්ලි නුවරදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළා.
කාෂ්මීරයෙන් පැමිණි ඔවුන් දෙදෙනා ජමියා නගර් ප්‍රදේශයේ රැඳීසිටින බවටයි බුද්ධි තොරතුරු හෙළිකළේ. මෙම යුවල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ. ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතා මෙහෙයවීමට ද ඔවුන් සම්බන්ධ බව හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.