බගවන්තලාව මඩොල්සිම වැවිලි සමාගමට අයත් තේ ඉඩමක කැළෑ ප්රදේශයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ප්රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්න හේතුවෙන් අක්කර 10 ක පමණ භූමි ප්රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ. බගවන්තලාව පොලීසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.