COVID-19 වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගතවූ පැය 24 දී වාර්තාවූ මරණ 133 ක්ද සමඟින්.
ආසාදිතයින් 7375 ක් දක්වා වැඩිවී ඇති බවයි එරට වාර්තා පවසන්නේ. ලොම්බාඩි ඇතුලු පළාත් 14 ක් සඳහා විශේෂ තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ප්‍රදේශ වලට ඇතුලුවීමට සහ පිටවීමට විශේෂ අවසරයක් ලබාගත යුතුයි. එම කලාපය තුළ පමණක් මිලියන දහසයකට වැඩි පිරිසක් රැඳීසිටින බවයි ප්රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ.
සියලු පාසල්, ශරීර සුවතා මධ්‍යස්ථාන, කෞතුකාගාර, රාතී‍්‍ර සමාජශාලා ඇතුලු පිරිස් එක්රැස් වන ස්ථාන අප්‍රේල් 3 වනදා දක්වා වසා තැබීමට ද තීරණය කර තිබෙනවා. චීනයට පසුව මේ වනවිට වැඩිම COVID-19 ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ ඉතාලියේ. දකුණු කොරියාව තුළ ද ආසාදිතයින් 7000 ක් පමණ වාර්තාවී තිබෙනවා. රෝහල්වල පවතින දැඩි තදබදය හේතුවෙන් කොරිඩෝවල ද රෝගී ප්‍රතිකාර සේව සිදුවන ආකාරය දැකගත හැක බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ.
මිලානෝ, මැල්පෙන්සා සහ ලිනේට් ගුවන් තොටුපොළවල ගුවන් ගමන් මේ වනතුරු අවලංගු කර නැහැ. ගුවන් යානා කිහිපයක් පමණක් අවලංගු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. හෙට සිට මැල්පෙන්සා ගුවන් තොටුපොළේ සියලු කටයුතු නැවැත්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා. මෙම සංකීර්ණ අවස්ථාවේදී පනවා ඇති තහංචි වලට ගරු කරමින් කැප කිරීමක් සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ඉතාලි ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළා.