ලුණුගම් වෙහෙර ප්රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් 6 දෙනෙකු මිය ගොස් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
මත්තල කතරගම මාර්ගයේ ලුණුගම්වෙහෙර විසි දෙකේ කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුවුණේ අද අළුයම 1.45ට පමණ. කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනයකර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ පුද්ගලයින් නව දෙනෙකු සිට තිබෙනවා. ඔවුන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කරන විටත් 6 දෙනෙකු මිය ගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ. අනෙක් තුන්දෙනා හම්බන්තොට සහ දෙබරවැව රෝහල්වල ප්රතිකාර ලබනවා. වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් ගාල්ල ප්රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය ප්රකාශ කළේ.