පන්නිපිටිය ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනා අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
මහරගම පොලීසියයි මේ පිළිබඳ විමර්ශන සිදු කරන්නේ. පන්නිපිටිය අරලිය උයන පොදු ක්‍රීඩාංගනයේදීයී ෆේස්බුක් සාදයක් වටලා මොවුන් අත්අඩංගුවට ගැනුණේ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ළඟ මත්ද්‍රව්‍ය ද තිබූ බවයි වාර්තා වුණේ. බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් පැවැත්වූ මෙම ෆේස්බුක් සාදය වටලනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුවයි.
මහරගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් වටලීම සිදු කළා. සැකකරුවන් 60 දෙනෙකු සහ සැකකාරියන් 17 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා.ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 19 ත් 35 ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලීසිය පවසන්නේ. පොලීසිය මෙහිදී ඉල්ලා සිටියේ තම දරුවන් අනවශ්‍ය කටයුතු සඳහා යොමුවීම වැළැක්වීමට දෙමව්පියන් නිසි අධීක්ෂණයෙන් කටයුතු කළ යුතු බවයි.මෙම සාදය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් 800 ක් ද යුවලකගෙන් රුපියල් 1000 ක් ද අය කර තිබෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුයි මෙම සාධය සංවිධාන කර තිබුණේ.