පසුගිය රජය කාලයේදී පෞරාණික සංරක්ෂිත ස්ථාන විනාශ කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දුන්නා.
සේරුවිල ඉරණමඩු රක්ෂිත කලාපයේ පෞරාණික නටඹුන් විනාශ වී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරික්ෂණ ආරම්භ කරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන්නේ. රාජ්‍ය නොවන සංවිධානයක් බිම් බෝම්බ ඉවත් කරන මුවාවෙන් මෙම විනාශය සිදුකර ඇති බව ද පැමිණිල්ලේ සඳහන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/pqMfaVnwLxI”]