කොළඹ ආනන්ද නාලන්ද අනු එක්වන සුලෝහිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා.
කොළඹ එස්එස්සී ක්‍රිඩා පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු කොළඹ ආනන්ද විද්‍යාලීය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නාලන්ද විද්‍යාලීය කණ්ඩායම පන්දුවාර 57ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රවීන් සිල්වා නොදැවී ලකුණු 100 ක් රැස් කළ අතර රෂාන් දිසානායක නොදැවී ලකුණු 77 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ආනන්ද විද්‍යාලීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 47ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 150ක් ලබා ගත්තා. එහිදි එම් ධර්මරත්න ලකුණු 59ක් සහ හංස ද ජයසිංහ ලකුණු 89ක් ලබා ගත්තා. ඒ අනුව දෙවන ඉනිම ක්‍රිඩා කිරිම සදහා කොළඹ ආනන්ද විද්‍යලීය කණ්ඩායම අවස්ථා ලබා දුන්නා. දෙවන ඉනිම ක්‍රිඩා කළ කොළඹ ආනන්ද විද්‍යාලීය කන්ඩායම පන්දුවාර 69ක් අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 225ක් රැස් කළා.