පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ ඉන්දිය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත් කරමින්.
මෙල්බර්න්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 04ක් දැවි ලකුණු 184ක් රැස් කළා. ඇලිස්සා හිලි ලකුණු 79යි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දු අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 99ක් පමණයි. ඒ අනුව ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක් ජයගත් 05වන අවස්ථාව මෙය විම ද විශේෂත්වයක්.