අපි වෙනුවෙන් අපි අරමුදල යළි පිහිටුවා රණවිරු සුබසාධනය වඩාත් පුළුල් කරන බව ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කලුතර දොඩංගොඩ ප්රදේශයේ පැවති ජංගම සේවාවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
යුද්ධයෙන් මිය ගිය, ආබාධිත සහ අතුරුදන් රණවිරුවන් පිළිබඳ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ගැටලු හඳුනා ගැනීමේ ජංගම සේවාවක් කලුතර දොඩංගොඩ ප්රදේශයේදී පැවැත්වුණා. යුද හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුලු රණවිරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා දීම මෙහිදී සිදුකෙරුණා. රණවිරු සේවා අධිකාරියයි ජංගම සේවාව සංවිධාන කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/gD87SBu0b3A”]